අක්ෂි කාච මිලදී ගැනීමේ ටෙන්ඩරෙන් කෝටි ගාණක් වංචා කරන්න හදනවා

  • By editor
  • July 31, 2023
  • 0
  • 72 Views

අක්ෂි කාච මිලදී ගැනීම සදහා රුපියල් කෝටි දහයක් වැඩිපුර ගෙවා එක්තරා සමාගමකට එම ටෙන්ඩරය ලබාදීමට සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් උත්සාහ කරන බව අනාවරණය වී තිබේ.

අඩු ලංසු යටතේ ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච අඩු මිලට ආනයන කිරීමට සැපයුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කර තිබියදී මෙම වංචාව සිදු කෙරෙන බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් මෙම දූෂිත ගනුදෙනුව සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇතැයි ද එනිසා ගනුදෙනුව සිදුකිරීමට පෙර රජයේ විගණකාධිපති වහා මැදිහත්වී ඒ පිළිබඳ සොයා බලා රටට හෙළි කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ එක් සමාගමක් රුපියල් 9000 ක මිලකට එක් අක්ෂි කාචයක් මෙරටට ගෙනත් දීමට මිල ගණන් ඉදිපත්ව සිටියදී තවත් සමාගමක් ඒ අක්ෂි කාචයම රුපියල් 10,000 ක මිලකට ගෙන ඒමට මිල ගණන් ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු හෙළි කළේය.

ඒ අනුව අක්ෂි කාච ලක්ෂයක් රජයේ රෝහල් වෙත ලබා දීමට නියමිත අතර මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැඩි මිල ඉදිරිපත් කර තිබෙන සමාගමට ලබාදෙනු ලැබුවහොත් රජයට අමතරව රුපියල් කෝටි දහයක පාඩුවක් සිදුවන බව ද සංජීව මහතා පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *