2023 ඔක්තෝම්බර් 27 දින අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නමට ජනාධිපති දෙමළ වික්‍රමසිංහ (President Tamil Wickremesinghe) ලෙස වැරදි ලෙස සටහන් කර තිබුණ ආකාරය දක්නට ලැබුණි.
එනම් රාජකීය විද්‍යාලයේ පැවතී සියවස් සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් වූ පුවතක් වාර්තා කිරීමේදී ජනාධිපතිවරයාගේ නම වැරදි ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙබ් අඩවියේ පළකර තිබුණි.
මෙම උත්සවය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සදහා අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජන්ත, රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, එම් ඒ සුමන්තිරන්, රවුෆ් හකීම්, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, සී බී විග්නේෂ්වරන්, යදාමිණි ගුණවර්ධන, ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණි.
අනතුරුව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාට මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු එම වරද නිවැරදි කර ඇත.