අඩු මිලට තෙල් දෙන්න අලුත් සමාගම්වලට අවසර

  • By editor
  • April 9, 2023
  • 0
  • 63 Views

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට වඩා අඩු මිලට තෙල් ලබා දීමේ අරමුණෙන් විදේශීය තෙල් සමාගම් 03කට මෙරට ඉන්ධන සිල්ලර වෙලදපලට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව චීනයේ සිනොපෙක්, යුනයිටට් පෙට්‍රෝලියම් ඔෆ් ඕස්ට්‍රේලියා සහ ආර් එම් පාර්ක්ස් යන සමාගම් සදහා අවසර හිමිව තිබේ.

ඊට අදාල ගිවිසුම මෙම මස අවසන් වනවිට සකස් කෙරෙන අතර ලබන මාසය තුළ මෙහෙයුම් ආරම්භ කරන බවටත් වාර්තා වේ.

එම සමාගම් වලට මෙම අවසරය හිමිවීමත් සමග පාරිබෝගිකයින්ට අඩු මිලට ලබාගත හැකි වන අතර රජයේ ඉන්ධන බිල ද අඩුවිය හැකි බවට ද තොරතුරු අනාවරණය වේ.

මෙම ගිවිසුම වසර 20ක් පුරා ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ දී වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුව ලෙස ඇ.ඩො.මි 02ක් වැය වන අතර එම ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව සාකච්ජා මාර්ගයෙන් නැවත ක්‍රියාත්මක කල හැකි බවට ද වාර්තා වී ඇත.

ඒ අනුව එකී සමාගමකට ෂෙඩ් 150ක් ක්‍රියාත්මක කිරීමව අවසර හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *