අත් අඩංගුවට ගත් දුමින්ද සිල්වා මාස පහක් රෝහලේ

0
39

පසුගිය ජූනි 1 වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නෙවාසිකව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර නිළධාරින් බාරයට පත්කළ දුමින්ද සිල්වා තවමත් එම රෝහලේ නේවසිකව සිටියද ඊට අවශ්‍ය අධිකරණ අවසරය තවමත් ලැබී නැතිබව මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ වෛද්‍යවරයා විසින් රෝගියා රෝහලෙන් රැගෙන යාමට අවසර ලබා දෙනතෙක් තම නිළධාරීන්ට කළ හැක්කේ රෝගියා තම බාරයේ තබාගැනීම පමනක් බවයි.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදි කරුවී මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබාදෙන ලදි. පසුව එම තීරණයට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පාර්ශවයන් වීසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති සමාව අවලංගුකර දුමින්ද සිල්වා යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here