අන්තරේ, ජවිපෙ ගැටෙයි!

  • By editor
  • May 24, 2023
  • 0
  • 133 Views

ජනතා විමුක්ති පෙරමුණ විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු පත් කිරීම සම්බන්ධයෙන් කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එහි හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ජවිපෙ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක සදහන් කර ඇත්තේ
ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පත්කිරීමේදී කුමන්ත්‍රණකාරී ලෙස එම කටයුත්ත සිදු වූ බවටය. නමුත් එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙම පත් කිරීම සිදු කරන ලද්දේ සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවේම කැමැත්තෙන් බවත් වසන්ත මුදලිගේ සදහන් කළේය.

මේ වන විට ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමේ උවමනාම වත්මන් ආණ්ඩුවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද ඇති බව පෙනෙන්ට ඇතැයි පවසන ඔහු මෙම සමීකරණයන් දෙකම මෙහිදී සමපාත වන බවද කියා සිටියේය.

ශිෂ්‍ය ව්‍යාපාරය පසුගිය කාලසීමාවේ මහජන සටන් වෙනුවෙන් මහ පාරේ සටන් කරද්දී ශිෂ්‍ය නායකයන් රැඳවුම් භාරයේ සිටිද්දී අද එළි බසින අය කිසිදු දෙයක් නොකළ බවද ඔහු තව දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *