අද දහවල් 12.00 සිට පස්වරු 06.00දක්වා කාලය තුළ කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ