ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.
ඉකුත් දා පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සදහන් කළේ ය.
මේ වන විටත් අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති අපරාධ නඩුවක චූදිතයන් වන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු පසුබිම් මේ වනවිට සැකසී ඇති බව ත් තවත් වාමාංශික පක්ෂ ප්‍රධානින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන බවත් හෙතෙම කියා සිටියේ ය.