අනුර කුමාර විපක්ෂ නායක කමින් සෑහීමට පත්වෙන්නට යයි.

  • By editor
  • December 2, 2023
  • 0
  • 139 Views

ජතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විපක්ෂ නායක ධුරය ලබාගන්නට දැඩි උත්සහයක නියැලෙන බව වාර්තා වේ. ඔහු මේ පිළිබඳ ඇතැම් දිස්ත්‍රික්කවල පක්ෂයේ 

තමාට හිතවත් ප්‍රධාන පෙලේ සාමාජිකයද දැනුවත් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එකඟතාවයද ලැබී ඇත. ජාතික ජනබලවේගයේ නායකයාගේ අපේක්ෂාව පළමුව විපක්ෂ නායකකම ලබාගෙන එතැන් සිට සිය දේශපාලන ඉදිරි ගමන් මග සැලසුම් කිරීමය.

මේ සඳහා විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂවල සහය ලබාගැනීමටද ඔහු අපේක්ෂා කරයි.  ඒ අනුව ඉදිරියෙදී විපක්ෂ නායක ධුරය වෙනස්වීමේ ඉඩකඩ පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට එම පක්ෂයේ සාමාජිකයන්ටද විපක්ෂ නායක ධුරය ලබාගැනීමේ යෝජනාව ඉදිරිපත්කරමින් පවතින අතර, ඒ අනුව ජනාධිපති ධූරයට ඉදිරිපත්වීම පිළිබඳව කරනා ප්‍රකාශ ඉදිරියේදී වෙනස්විය හැකිබව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *