ශ්‍රී ලංකාවෙන් රිළවුන් 100,000 ගෙන්වීම සම්බන්ධයෙන් චීන බලධාරීන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව චීන තානාපති කාර්යාලය සදහන් කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සදහන් කර ඇති අතර එරට Chinese National Forestry and Grassland Administration ආයතනය වෙතින් ද එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවද වාර්තා කර තිබේ.
මේ අතර චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ චීනය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට සක්‍රීය ලෙස දායක වන බවය.