තමන් ඇතුළු පිරිසට වැරදුන එකම තැන දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ශ ජනපති අපේක්ශක කිරීම බවත්, නැවත එම වරද සිදුවන්නට නොදී, දේශපාලනය පිලිබද නොදන්න කිසිවෙක් ජනපති අපේක්ශකයා බවට පත් කර නොගන්නා බවත් පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සදහන් කළා ය.
රටෙහි පවතින අයහපත් ආර්ථිකය යලි ගොඩනැගීමට හැකි පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගත් අතර තම පක්ශයට වැරදුනේ එක් වරක් පමණක් බව ද ඇය පෙන්වා දුන්නාය.
එමෙන්ම මෙරට අස්ථාවර කිරීම උදෙසා ඇතැම් බලවේග අරගලයට මුදල් ලබා දී තිබුණු බව ද පවිත්‍රා මහත්මිය සදහන් කළා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම පැවති රැස්වීමක දී ඇය මෙම අදහස් දක්වා තිබේ