අපි තනතුරු ගන්නෙත් නෑ, ආණ්ඩුවට එක්වෙන්නෙත් නෑ – එළැඹෙන ජනාධිපතිවරණයට සජබයෙන් කෙනෙක් ඉදිරිපත් කරනවා – සජබය දැඩි තීරණයක

  • By editor
  • May 8, 2023
  • 0
  • 77 Views

සමගි ජන බලවේගයේ අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී විශේෂ යෝජනා දෙක ඒකමතිකව අනුමත විය.

ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගතයුතු බවටත් සමගි ජන බලවේගයේ  කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලදී.

එමෙන්ම යම් හෙයකින් එවැනි ජන පීඩක  ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළයුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරනු ලැබීය. 

කෙසේ වෙතත් රටට හිතැති ප්‍රගතිශීලී කටයුතු පිලිබදව සහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කොට තීන්දු ගනු ලැබේ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී  සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලදී. 

ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවටත්,එම සන්ධානය ගොඩනැගීම සදහා පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරන ලදී.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ  තීරණ වලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් බලය පවරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *