අ’පුර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් විකුණා සූදූ දැමූ රෝහල් සේවකයා මාට්ටු

  • By editor
  • July 26, 2023
  • 0
  • 92 Views

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාලයක සිට එම සිලින්ඩර සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා , එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකි.

සැකකරු තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු හට  අඩි 4ක් උස ඔක්සිජන් සිලින්ඩර තුනක් රුපියල් 60,000 ක මුදලකට විකිණීමට යාමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *