අමාත්‍යවරුන් මාරු කිරීමෙන් පමණක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ – නාමල්

  • By editor
  • July 19, 2023
  • 0
  • 47 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බවයි.


ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්.


“ඉතිහාසය බලද්දී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දැඩි ස්ථාවරයක් ගත යුතුය,” ඒ වගේම මේ සදහා කෙටිකාලීන විසදුම් නොව ස්ථාවර හා දීර්ඝකාලීන විසදුම් ලබාදිය යුතුබවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනස් කළ යුතු දැයි විමසූ විට රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ අමාත්‍යවරුන් මාරු කිරීමෙන් පමණක් ගැටලු විසඳිය නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *