අයි.ටී.එන්. හිටපු සභාපතිට වන්දි ගෙවන්න – සුධර්මන් රදලියගොඩට අධිකරණයෙන් නියෝගයක්

  • By editor
  • March 22, 2023
  • 0
  • 138 Views

ස්වාධින රූපවාහිනි සේවයේ හිටපු සභාපති නීතිඥ ගයිරික පේරුසිංහට රුපියල් මිලියන 50 ක් වන්දි වශයෙන් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.

ස්වාධින රූපවාහිනි සේවය, එහි හිටපු සභාපති නිිව්ටන් ගුණරත්න හා ප‍්‍රවෘත්ති කළමණාකරු සුදර්මන් රදලියගොඩ යන අයට එක්ව හා වෙන් වෙන්ව මෙම මුදල ගෙවන ලෙසද, දිසා විනිසුරුතුමිය වැඩිදුරටත් නියෝග කලේය.

එහි හිටපු සභාපති ගයිරික පේරුසිං විසින් 2006 වසරේදි යොමු කරන ලද පැමිණිල්ලක ඒකපාර්ශවික විභාගය අවසන් කිරිමෙන් පසු අධිකරණය විසින් මෙම නියෝගය සිදුකරනු ලැබිය.

2003 වසරේ නොවැම්බර් 3 වැනිදා එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍යාංශ තුනක් පවරාගත් අතර ඉන් පසුව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ගයිරුක පේරුසිංහ එම ධූරයෙන් ඉවත් කරන බවට දැනුම්දී තිබේ. ජනාධිපතිනිය ගත් තීරණය ප්‍රතික්ෂේප කරන බව පවසමින් ගයිරුක පේරුසිංහ එම ධූරයේ කටයුතු කර තිබූ අතර යුද හමුදාව යොදවා ඔහු එම ආයතන පරිශ්‍රයට ඇතුළුවීම වලක්වා තිබේ.

ඉන් පසුව නිව්ටන් ගුණරත්න සභාපතිධුරයට පත් කර තිබූ අතර එතෙක් සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ගයිරුක පේරුසිංහ විසින් ආයතනය තුළ දූෂණ වංචා සිදු කළ බවට චෝදනා කර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය මගින් තමන්ට අපහාසයක් සිදු කර ඇති බවට ගයිරුක පේරුසිංහ කර තිබූ පැමිණිල්ල විභාගයට ගෙන තිබූ අතර නඩුව පැවැත්වෙන අතරවාරයේදී වගඋත්තරකරුවෙක් බවට පත් කර තිබූ මහින්ද අබේසුන්දර මිය ගොස් තිබුණි. ඉන් පසුව ඔහු නොමැතිව නඩුව ඉදිරියට ගෙන ගොස් තිබූ අතර අනෙක් වගඋත්තරකරුවන් වූ නිව්ටන් ගුණරත්න සහ සුදර්මන් රදලියගොඩට එරෙහිව ඒකපාර්ශවීයව නඩුව විභාග කර තිබේ.

එම නඩු විභාගයෙන් පසුව මෙසේ රුපියල් මිලියන 50ක මුදලක් ගයිරුක පේරුසිංහට ගෙවන ලෙසට අධිකරණය නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *