පසුගිය අරගල සමයේ දී අරගලකරුවන් විසින් ගෝල්ෆේස් පිටියට සිදුකරන ලද අලාභය රුපියල් 5,996,484ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙන බව වාර්තා වේ.
වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කර ඇත.
මෙහිදී අරගලකරුවන් ගෝල්ෆේස් පිටියට සිදුකළ අලාභය සදහා වැය වන සම්පූර්ණ පිරිවැය රුපියල් 3,331,380ක් වන අතර, ඊට උද්ධමනයට හේතුවෙන් සිදු වූ 80%කින් මිල ගණන් ඉහළ යෑමේ පිරිවැය වන රුපියල් 2,665,104ක මුදලද එකතු කර තිබේ.
කෙසෙවෙතත් එම මුදල නැවත අයකර ගැනීම සම්බන්ධ කටයුතු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකරන බවද හෙතෙම පැවසීය.