අරගලය මැඩලූ ජෙනරාල්ට ආණ්ඩුවෙන් ලොකු පුටුවක්

  • By editor
  • March 20, 2024
  • 0
  • 146 Views

පාර්ලිමේන්තුව වැටලීමට පැමිණ අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කර ඔවුන් පලවා හැර ,ගෝඨා ගෝ ගම රැදීසිටි අරගලකරුවන් ඉවත් කිරීමේ ක්‍රියාන්විතයට අණ දුන් මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ රණවිරු සේවා අධිකාරීයේ සභාපති ලෙස පත් කර තිබේ .

ඒ මෙතෙක් එහි සභාපති ධුරයේ රාජකාරී කළ මේජර් ජෙනරාල් නන්දන සේනාධීර වෙනුවටය. ගෝඨාභය රාජපක්ෂ ජනපතිව සිටි අවදියේ නන්දන සේනාධීර එම ධුරයට පත්කළ අතර ඔහු ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරියකි.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ධුරයට පත් වූ පසු අරගලකරුවන් විසුරුවා හැරීමේ මෙහෙයුමට අණ දුන්නේ එකල යුද හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ධුරයේ රාජකාරී කළ නිශාන්ත මානගේ විසිනි . මේ හේතුවෙන් ඔහු යුද හමුදාපති ධුරයටද පත් කරනු ඇති බව එකල පැවසුණි. ඒ දවස ජ්‍යේෂ්ටත්වයෙන් යුද හමුදාවේ සිටි පස්වැනියා වු නිශාන්ත මානගේ විජයබාහු පාබළ රෙජිමේන්තුවට අයත් නිලධාරියකි. ඔහු හමුදාපති පුටුව පෙනි පෙනී හමුදාවෙන් විශ්‍රාම ලැබු ඔහු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් වන රණවිරු සේවා අධිකාරියේ සභාපති පුටුව ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *