අරගල සමයේ වුණ දේවල් හෙළි කරනවා – මහින්ද ඉල්ලා අස්වුණේ නෑජොන්ස්ටන් කියයි

  • By editor
  • July 24, 2023
  • 0
  • 51 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පසුගිය අරගල සමයේ ආණ්ඩුව තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව ළඟදීම සම්පූර්ණ අනාවරණයක් සිදුකරන බව සදහන් කර තිබේ.

මාවතගමදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කළේ

“දැන් කියනවා අපි ඇමතිකම් දාලා පැනලා ගියාලු, හැංගිලා හිටියාලු, හැංගිලා ඉඳලා දැන් එළියට ඇවිල්ලාලු අපි … අපි කවුරුත් හැංගුණේ නෑ. අපි ඇමතිකම්වලින් ඉල්ලා අස්වුණේ නෑ. අපිට අස්වෙන්න කිව්වා. මහින්ද මහත්තයා ඉල්ලා අස්වුණේ නෑ, අස්වෙන්න කිව්වා. ඔය හැම දෙයකටම දශමෙට උත්තර දෙනවා ළඟදීම. වෙන වෙන අයගේ ක්‍රියාකලාපය දිහා අපි බලාගෙන ඉන්නෙ. අපි නිශ්ශබ්දව ඉන්නෙ මේ හැමදෙයක්ම රැකගන්න. මොක්කුද හිටියෙ, කොයි ව්‍යාපාරිකයාද, මොනවද කෙරුවේ, මොන නිලධාරියාද …. කවුරුහරි හිතනවා නම් අපි බයවෙලා හැංගිලා ඉඳියි කියලා, අපි එහෙම යටත් වෙන මිනිස්සු නෙවෙයි. ඒ නිසා තමයි මිනිස්සු අපට ආදරේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *