අරුන්දික නීතිය නවයි – පිටුවහල් කිරීමට නියමිත විදේශිකයින් නිදහස් කරන්න අණ දීලා

  • By editor
  • May 22, 2023
  • 0
  • 75 Views

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් මෙරටට ඇතුළු වීමට උත්සාහ කල චීන ජාතිකයෙකු සහ ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා, කටුනායක ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීම සදහා “රදවා තබා ගැනීමේ” කුටියක රදවා තබා සිටියදී අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ ලිඛිත ඉල්ලීම මත ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය විසින් දෙන ලද උපදෙස් මත මොවුන් නිදහස් කර රට තුළට ඇතුළු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.

ඉකුත් 18 දින රාත්‍රී 09.50 ට මොවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර එහිදි මොවුන් කූට ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කර ඇත.

එහිදී කටුනායක ගුවන් තොටුපළේ දී එම ගුවන් ගමන් බලපත්‍රය එහි ජීව දත්ත පිටුව වෙනස් කර කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසුව මොවුන් තිදෙනා එක්ව ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇත.

එහිදි ආගමන විගමන නිලධාරීන්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර එම ගුවන් සේවා ” රැදවුම් කුටිය ” වෙත ආපසු  පිටුවහල් කිරීම සදහා යොමු කර තිබේ.

එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබූ අතර මෙම ගුවන් මගීන් අල්ලස් දීමට ද තැත් කර තිබූ බවට ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

පසුව නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාළකවරයා වෙත ලිපියක් නිකුත් කර ඇති අතර ඉන්පසු ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත  කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඊයේ (20) අලුයම 01.00 ට ශ්‍රී ලංකාව තුළට පැමිණීම සදහා නිදහස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *