වැඩ තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
2019 වසරේ දී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ බවට සඳහන් දුරකථන සංවාද හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මස 24 වනදා ඇය තාවකාලිකව වැඩ තහනමට ලක්කළේය.
කෙසේ වෙතත් 2021 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වූයේ එම හඬපටය සම්පූර්ණ දුරකථන සංවාදයෙන් විකෘති කර සාදන ලද්දක් බවය.
එම වාර්තා පදනම් කරගනිමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෙලෙස එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.