අලිරාජාගෙන් මොනර රූපවාහිනි සේවාවක්

  • By editor
  • March 21, 2024
  • 0
  • 68 Views

දෙමළ ඩයස්පෝරාවේ ප්‍රභල සාමාජිකයෙක් වන අලිරාජා සුබාශ්කරන් තවත් රූපවාහිනී නාලිකාවක් ලබන සතියේ ආරම්භ කිරීමට සූදාම් වේ.

මොනරා ටී.වී. නමින් හදුන්වන මෙම නාලිකාව වෙනම සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබේ.

එම සමාගමට ඔහු විසින් දැනට මිලදී ගෙන ඇති සිත එෆ්.එම්., මැක්ස් ටීවී මාධ්‍ය නාලිකාද එක්වන අතර මෙහි මෙහෙයුම් ප්‍රධානියා ලෙස බුද්ධික වික්‍රමාදර බදවාගෙන තිබේ.

ස්වර්ණවාහිනිය, ශ්‍රී එෆ්.එම්. සහ රන් එෆ්.එම්. යන විද්‍යුත් නාලිකා වෙනම සමාගමක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට ඔහු තීරණය කර ඇත්තේ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය විසින් මෙම නාලිකා පවරාදීම පිළිබදව අධිකරණමය කටයුත්තක් සිදුවන බැවිනි.

මොනරා ටී.වී. නාලිකාව ආරම්භ කිරීම සදහා අවශ්‍ය සංඛ්‍යාත වත්මන් ආණ්ඩුව විසින් ලබාදී ඇත.

අලිරාජා සුබාෂ්කරන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මිලදී ගැනීමට සූදානම් වුවත් ඔහු අභිලාශ කැඳවීම්වේදී නොතේරීම නිසා ජනාධිපතිවරයාට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුවක් දෙසතියකට පසුව ඉවත් කරගැනීමද විශේෂත්වයක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *