අලි සබ්‍රි රහීම්ට විපක්ෂ නායකගෙන් කැපිල්ලක්

  • By editor
  • September 22, 2023
  • 0
  • 117 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු කමිටු සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට සජිත් ප්‍රේමදාස විසින් යෝජනාවක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

නීතිවිරෝධීව රත්‍රං සහ ජංගම දුරකතන මෙරටට රැගෙන ඒමේ චෝදනාවට දඩ නියම වූ අලි සබ්රි රහීම් මේ වන විට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ විමර්ශනයකට යොමු කිරීමට ද කටයුතු කර තිබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ, චෝදනා ලැබූ අදාළ මන්ත්‍රීවරයා කමිටු නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාවන් පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් උද්ගත කරන නිසා විමර්ශන අවසන් වන තෙක් ඔහුගේ කමිටු නියෝජනය අත්හිටුවන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *