අලුත් අවුරුදු නැකැත් කුමන්ත්‍රණයක්

  • By editor
  • March 6, 2024
  • 0
  • 107 Views

මෙවර අලුත් අවුරුදු නැකැත් සකස් කිරීමේදී බරපතල වරදක් සහ කුමන්ත්‍රණයක් සිදුව ඇති බවට චෝදනා වී ඇත.

ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානය විසින් කොළඹ ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මෙම චෝදනාව කළේය.

එහි සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ රෝෂාන් චානක තිසේරා කියා සිටියේ රාජ්‍ය නැකැත් කමිටුවෙන් මෙවර ලිප ගිනි මෙළවීම සඳහා දී ඇති නැකතෙහි ගැටලු සහගත තත්වයක් පවතින බවයි.

එසේම අවුරුදු නැකත් රාත්‍රි කාලයට යොදාගැනීම තුළින් එම නැකැත් පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබාදිය නොහැකි බව ද හෙතෙම සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *