රජයේ ආදායම වර්ධනය කර ගැනීම සඳහා රජය විසින් තවත් බදු කිහිපයක් නුදුරේදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව ධන බද්ද, ඉඩම් බද්ද, හා බූදල් බද්ද පළමුව හඳුන්වාදෙනු ලැබේ. එමෙන්ම මෙතෙක් වැට් බද්ද පනවා නැති භාණ්ඩ හා සේවා සඳහා ද එම බද්ද පනවනු ඇති.