අවලෝකිතේශ්වර රිමාන්ඩ්

  • By editor
  • January 16, 2024
  • 0
  • 96 Views

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වමින් සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙක් පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ විවිධ ස්ථාන වල දේශන පවත්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *