අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු පැළන්දූ අයට වැඩ වරදින ලකුණු

  • By editor
  • November 27, 2023
  • 0
  • 110 Views

ඊයේ දිනට යෙදී තිබුණ පොහෝදිනය දා අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධියක් වාර්තා වුණි.

ඒ පිළිබඳ සමාජ මාධ්‍ය වල දැඩි අවධානය යොමුව තිබෙන අතර මේ වන විට ඒ පිළිබඳ  විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම වෙත පිටත්කර යවා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *