අවුරා ලංකා ප්‍රධානී විරංජිත් තාබුගල ඩොක්ටර් වුණේ ඇමරිකාවේ අසාධ්‍ය ලෙඩෙක්ට බෙහෙතෙක් කියලා

  • By editor
  • August 14, 2023
  • 0
  • 249 Views

තමන්ට ඩොක්ටර් කියා බොහෝ අය කතාකිරීමට හේතුව එක්තරා දිනක ඇමරිකාවේ දී අසාධ්‍ය රෝගියෙකුට බෙහෙතක් කියූ නිසා බවත් තමන් පාසල් අධ්‍යාපනය හැදෑරුවේ පහ වසරට පමණක් බවත් අවුරා ලංකා ව්‍යාපාරයේ අධිපති විරංජිත් තාබුගල සදහන් කර තිබේ.

අන්තර්ජාල නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කළේ තමන් කිසිදිනෙක නිධන් වස්තු කොල්ල කා නොමැති බවත් එවැනි චෝදනාවක් ඇත්නම් එය ඔප්පු කරන ලෙසත් ය.

තමන් මෙරටට පැමිණ ආයෝජනය කරන්නෙ ඇමෙරිකානු සමාගම් වල උපයන ලද මුදල් බව සඳහන් කරන ඔහු එක් වරක් පමණක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි බව පිලිගෙන තිබේ.

තමන් විසින් ආරම්භ කළ කෝමාරිකා ව්‍යාපෘතියේ තවම එක පැලයක් හෝ සිටුවීමට නොහැකි වූයේ ආණ්ඩුව සහය නොදුන් නිසා බවත් ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *