අවුරා ලංකා සමාගමට ගෝඨා ඉඩම් අක්කර 100,000 දුන්නේ කොහොමද – තාඹුගල වියදම් කරන්නේ රාජපක්ෂලාගේ සල්ලිද – පුදුම හිතෙන හෙළිදරව්ව

  • By editor
  • August 1, 2023
  • 0
  • 329 Views

පොලීසියේ රෙද්ද කැඩිම අරුමයක් නොවේ . එහෙත් ඊයේ පෙරෙදා නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලීසියේ රෙද්ද කැඩුනේ අමුඩයත් සමගයයි කීමේ වරදක් නැත. රාජංගනය පොලිසියේ ලොක්කා වන ජී. ඩබ්ලිව්. එස්. ගජසිංහ බැන වැදී යුනිෆෝම් එකද ගලවන බවට තර්ජනය කළ අවුරා ලංකා සභාපති ලෙස පෙනී සිටිනා චන්දික විරංජිත් තාඹුගල නැමැත්තා අත් අඩංගුවට ගනු වෙනුවට නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වෙන්නට ඉඩ සළසාදීම නිසා මහේස්ත්‍රාත්වරයාගෙන් ලුණු ඇඹුල් ඇතිව අසාගත් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි අමිල සෙනෙවිරත්න ඇතුළු රාජාංගනය පොලිසියේ නිලධාරින් අධිකරණය හමුවේ කෂාය බිව් ගොළුවන් තත්ත්වයට පත්විය. එය ලංකාවේ පොලීසිය පත්ව ඇති ජරාජීර්ණ තත්ත්වයට මෑතකාලයේ ලද හොඳම උදාහරණයකි . පොලිස් දෙපාර්තමේන්තුවම ”බලු ගානට” ඇද දැමූ අවුරාලංකා සභාපාතිවරයා කවුදැයි රටේ බොහෝදෙනෙක් නොදනිතත් මෙරට පරිසරවෙදීන් බහුතරයකට නම් ඔහු අංක එකේ පරිසර ඝාතකයෙකි, ජාවාරම්කාරයෙකි .

විරන්ජිත් තාඹුගල රාජංගනය පොලිසියේ ලොක්කාට බැන අඬගහන්නේ ඔහු විසින් පවත්වන සංගීත ප්‍රසංගය සහ සැණකෙළියට අවශ්‍ය ශබ්ද විකාශන බලපත්‍ර ලබානොදීම සහ එහි කාලය දීර්ඝ නොකිරිම නිසාය. අවුරා සැනකෙළිය සඳහා තාඹුගල වියදම් දරණුයේ රුපියල් කෝටි ගණනිනි. ඕක්කෝන්ටම පෙර අප සිතිය යුත්තේ කොටි ගණන් වැයකරන්න්ට තඹුගලට මේ තරම් සල්ලි කොහෙන්ද කියාය. අවුරා සමූහ ව්‍යාපාරය සතු ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අවුරා ලංකා එන්ටර්ටේට්මන් සමාගම රට පුරා සංගීත සන්දර්ශණ සහ සැනකෙළි පවත්වයි. මේ සංගීත ප්‍රසංග සහ සැනකෙළි හරි වෙනස් ඒවාය. එවායේ දවස පුරා බත් දන්සල් පැවැත්වේ. ඒවාට වැයකරනා මුදල අතිමහත් ය. සහභාගීවන ශිල්පීනටද සුපිරි ගෙවීම් කරනා බව කියවේ. අවුරා ලංකා වීරවිල ප්‍රදේශයේ පැවැත්වූ සංගීත ප්‍රසංගයට පමණක් රුපියල් කෝටි 25 ක් වැය කළ බව විරංජිත් තාඹුගලම මාධ්‍යට පවසා තිබේ.ඊට අමතරව අයි.පී.එල් වෙන්දේසියෙදී දඹුල්ල අවුරා කණ්ඩායමට ක්‍රීඩා කි‍රීමට තෝරාගත් ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් ඔහු ගෙවා ඇති බව වාර්තා වේ. මෙතරම් මුදලක් වියදම් කිරීමට තරම් අවුරා සමාගමට ඇති හැකියව, සහ එම සමාගම බදු වශයෙන් කෙතරම් මුදලක් ගෙවා ඇත්දැයි යන්න වහා සොයා බැලිය යුතු නොවේද.

මේ කියනා විරන්ජිත් තාඹුගලගේ උපත ලබන්නේ 1979 වර්ෂයේ අගෝස්තු මස 18 වෙනිදා වතුපිටිවල ප්‍රදේශයේ දීය . තාඹුගල අතුකෝරලාගේ විමලසිරි සහ ගෝනාපීනුවල විතානගේ නයනා විදර්ශනී ඔහුගේ මව් පියෝය. ආර්ථික අපහසුතා හේතුවෙන් පාසැල් අධ්‍යාපන පහ ශ්‍රේණියෙන් නිම කරනා ඔහු ඉන්පසු පිරිවෙන් අධ්‍යාපනයට යොමුව තිබේ. තමා දේශීය වෛද්‍යවරයෙක් බවත් තම මුල් ගුරුවරයා වන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වහන්සේ බවත් පවසන ඔහු තම ඔහුගේ බිරිඳගේ පියාගේ මඟ පෙන්වීම මත අවුරුදු 14 සිට හෙළ වෙදකම හදාරා ඇති බවද පවසයි. නමුත් ඔහු සහ ඔහුගේ ව්‍යාපාර ජාලය පිළිබද ද කළම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ලිපියක් සපයන පරිසරවේදී සජිව චාමිකර පවසනුයේ මේ කියනා තඹුගල රාජාංගනය ප්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර අලූත්වැඩියා කරන්නෙකු ලෙස කටයුතු කර ඇතිබවය . අනතුරුව නිධන හෑරීමට ගොස් පොලිසියට කොටුවන ඔහු බන්ධනාගාර ගත කර තිබේ. මීට අමතර ව මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේද බන්ධනාගාර ගතව සිට ඇතිබව සජීව චාමිකර පවසයි.

මේ කියනා තාඹුගල යළි කරළියට එන්නේ අවුරා ලංකා සමාගමේ සභපතිවරයා ලෙසය. අවුරා ලංකා සමූහ ව්‍යාපාරය යනු මාලඹේ, තලංගම උතුර, උඩවත්ත පාර යන ලිපිනයේ පිහිටා ඇති සමාගමකි. එය ලියාපදිංචි කර ඇත්තේ 2018 වසරේ ජුලි මස 26 වෙනිදාය. අවුරා ලංකා හර්බල්ස්, අවුරා ලංකා ජෙම් ඇන්ඩ් මියුසියම්, අවුරා ලංකා සිකියුරිටි, අවුරා ලංකා එයාර්ලයින්ස්, අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට්, අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන්, අවුරා ලංකා ස්පෝර්ට්ස් සහ අවුරා ලංකා ඉවෙන්ට් මැනේජ්මන්ට් යන සමාගම් ඊට අයත් සමාගම්ය. මේ කියනා සමාගම් ගොන්න කෙසේ වෙතත් අවුරා ලංකා ගැන රටම කථා කරන්නට පටන්ගන්නේ අවුරා ලංකා හර්බල්ස් සමාගමේ කෝමාරිකා වගාව නිසාය.

මෙ කියනා කෝමාරිකා වගාව සඳහා අවුරා ලංකා සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 104,066ක් වසර 30ක දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට හිටපු ජනධිපටහි ඝෝඨාභය රාජපක්ෂගේ රජය කටයුතු කරන්නෙය. ඊට අදාල කැබිනට් පත්‍රිකව ඉදිටිපත් කරන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන විසිනි . ඒ 2021 වසරේ අගෝස්තු මස 30 හෝ ඊට ආසන්න දිනයකදීය. අක්කර 104,066 ක් යනු අනුරාධපුර දිස්ත්‍රික්කයෙ සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් 6% ක් බව පරිසාරවෙදී සජීව චාමිකර පවසන්නේය. වියළි කාලගුණයක් සහිත ලංකාවේ ප්‍රධානතම කෘෂිකාර්මික දිස්ත්‍රික්කයෙන් එතරම් විශාල බිම් ප්‍රමානයක් එක සමාගමකට එකම බෝගයක් වෙනුවෙන් ලබාදීම වූ කළි ඉතා බරපතල සිදුවීමක් බැවින් පරිසර වේදීහු ඊට මුල සිටම එරෙහි වූහ. අක්කර ලක්ෂ ගණනක කෝමාරිකා වවන්නට කථාකරනා මෙම සමාගම දැනට සාදා ඇති ඖෂධ මොනවාද යන්න කිසිවෙක් දන්නේ නැත. ලෝකයේ කිසිම රටක කෝමාරිකා යොදා අවුරා සමාගම සෑදු ඖෂධ විකුණන්නට නැත

එහෙත් නොමදව ලද රාජ්‍ය අනුග්‍රහය නිසා අවුර ලංකා නතර වූයේ නැත. ඔවුන් දිගින් දිගටම ක්‍රියාත්මක වන්නට විය. රාජාංගනය ප්‍රා.ලේ කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ අවුරා ලංකා සමාගම සිය කටයුතු ආරම්භ කර අතර, ඒ කටයුතු නීති විරෝධීව සිදුවූ බව සජිව චාමිකට පවසයි. මේවන විටත් ගොවි පවුල් 80 කට අයත් වගා බිම් ගිවිසුම් මත මෙම ව්‍යාපෘතියට පවරා ගෙන ඇති අතර එම ගොවි ජනතාව මෙම සමාගමේ කම්කරුවන් ගේ තත්ත්වයට පත්කර ඇත. අවුරා ලංකා සමාගම සිය ව්‍යාපෘතිය වෙනුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද යාය 18 ගම්මානයේ පිහිටි කහඹිලියාපිටිය වැව මේ වන විට සම්පූර්ණයෙන්ම අවුරා ලංකා සමාගම විසින් විනාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *