අස්ගිරි නාහිමිට තර්ජන

  • By editor
  • April 6, 2023
  • 0
  • 116 Views

වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන්ට අනතුරු අගවමින් තැපෑලෙන් ලිපියක් එවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ පිලිබද මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර ඊට අමතරව පොලිස් බුද්ධි අංශය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

වාහනයක අංකයක් සඳහන් කර එම වාහනයෙන් පැමිණෙන පුද්ගලයකු අස්ගිරි මහා නාහිමියන් පිළිබඳ තොරතුරු සොයන බවට එම නිර්නාමික ලිපියේ සදහන් කර ඇති අතර එම පුද්ගලයා පිළිබඳ විශේෂ පොලිස් කණ්ඩායමක් තොරතුරු විමර්ශනය කරගෙන යන බව මහනුවර මූලස්ථාන පොලිසියේ ජේෂ්ඨ නිලධාරියෙක් සදහන් කර තිබේ.

අස්ගිරි මහනාහිමියන්ගේ නිල ආරාමයට යෑමට තොරතුරු සොයන වාහනය බවට හඳුනාගත් වෑන් රිය සහ එහි ලියා පදිංචි අයිතිකරු වන මහනුවර සුදුහුම්පොළ පදිංචි පුද්ගලයකු ගැන ද පොලිසිය තොරතුරු හෙළි කර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *