අහුවෙන්න එපා – තරුණ සේවා සමාගමේ ලොක්කෝ කරපු බොරු එළියට

  • By editor
  • September 26, 2023
  • 0
  • 98 Views

විදේශ රැකියා සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සමාගම අසත්‍ය ප්‍රචාර කරන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය චෝදනා කරයි.

කොරියාවේ, ඊශ්‍රාලයේ රැකියා අවස්ථා පවතින බවට ජාතික තරුණ සේවා සමාගමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර එයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මෙසේ සදහන් කළේය.

විදේශ රැකියා සම්බන්ධයෙන් ඇති තත්වයන් පැහැදිළි කරමින් සමාජ මාධ්‍යයේ සැරිසරන මාධ්‍යයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමුව තිබෙනවා. මෙම වීඩියෝව නිකුත් කර තිබෙන්නේ ජාතික තරුණ සේවා සමාගමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.

මෙම වීඩියෝවේ අන්තර්ගතය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමක් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවශ්‍ය වෙනවා. මෙම වීඩියෝවේ විදේශ රැකියා සොයන තරුණ තරුණයින් නොමග යවන දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට අවශ්‍ය විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා

විදේශ රැකියා ඇනවුමක් තමන්ට තිබෙන බව කියන්න පුලුවන් ලියාපදිංචි විදේශ රැකියා ආයතනයකට විතරයි. තරුණ සේවා සමාගමේ විදේශ රැකියා බලපත්‍රය මේ වන විට අක්‍රීය මට්ටමේ පවතින්නේ. එය යාවත් කාලීන කිරීමට තවම අවශ්‍ය කටයුතු සිදුකර නැහැ. ඒ අනුව මොවුන්ගේ බලපත්‍රය මාර්තු 31 වැනිදායින් අවසන් වෙලා තියෙනවා.

ඒ අනුව බලන විට එම සමාගමට තමන් සතුව රැකියා සදහා ඇනවුම් තිබෙන බව කියන්න බෑ.

මෙහි සාවද්‍ය තොරතුරු අන්තර්ගත වෙනවා. ඊශ්‍රායලයේ රැකියා සදහා රැකියා ඇනවුම් තුන්දහසක් පමණ තිබෙන බව කියනවා. ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත් කර යැවීමට හැකියාව ලැබෙන්නේ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම අනුව කාර්යාංශයට පමණයි. එය කිසිදු බලපත්‍රලාභී ආයතනයකට ලබාදී නැහැ. එය ලබාදෙන්න කටයුතු කරන්නෙත් නැහැ.

තුන්වැනි කරුණ විදියට කොරියානු රැකියා සදහා කාර්තුමය රැකියා ලබාදෙන බව මෙම වීඩියෝවේ සදහන් වෙනවා. මේ සම්බ්නධයෙන් විදේශ රැකියා ඇමැතිවරයා දැඩි අවධානයක සිටිනවා. කොරියානු රැකියා සදහා කෙටි කාලීන රැකියා සදහා යොමු කළහොත් එය දීර්ඝ කාලීන රැකියා සදහා යන අයට වන බලපෑම ගැන බලනවා. ඒ නිසා කොරියාවේ කෙටි කාලීන රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමට කිසිදු තීරණයක් අරගෙන නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *