ආදර්ශාගේ නරක ආදර්ශය

  • By editor
  • May 17, 2023
  • 0
  • 116 Views

මෑතකදි ආන්දෝලනයකට ලක් වූ අදර්ශා කරදන නැමැත්තිගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරත වූ කාන්තාවකට භික්ෂුවක් ලවා ලිංගික අතවර කරවීමේ සිදුවීමකට අධිකරණය හමුවේ ගොනු කර තිබූ පැමිණිල්ලක් මත රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත ඇය මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ අට ප්‍රදේශයේ පිහිටි ආදර්ශා කරඳනගේ නිවසේ තමන් මෙහෙකාරියක ලෙස සේවය කල බවත් එම නිවසේ කාමරයක නැවතී සිටී චීවරධාරියෙකට තමන්ට ලිංගික අතවර කිරීමට අනුබල දුන්නේ යයි අදාල මෙහෙකාරිය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

සිදුවීමට අදාළව සැකකාර චීවරධාරියාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇතත් ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *