ආධුනික කොස්තාපල්වරියට කැත වැඩක් OIC ගැන විමර්ශනයක්

  • By editor
  • February 5, 2024
  • 0
  • 116 Views

කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

ඒ අනුව වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එම විමර්ශන කටයුතු කටුපොත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකෙරේ.

සැකකාර ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් මීට පෙර ද ලිංගික හිරිහැර සහ මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් චෝදනාවන් එල්ල වී තිබූ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව එම පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාතට ස්ථාන මාරු කිරීමට හිටපු පොලිස්පතිවරයා කටයුතු කර තිබුණද දේශපාලන බලපෑම් මත එම ස්ථානමාරුව අවංලගු කර ගැනීමට එම පොලිස් පරීක්ෂකවරයා පියවර ගෙන තිබිණි.

මේ අතර පසුගිය දිනක තම පොලිස් ස්ථානය තුළදී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා උත්සාහ කර ඇත. 

සිද්ධියට මුහුණ දුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය මේ බව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයකුට පැවසීමත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *