ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

  • By editor
  • September 9, 2023
  • 0
  • 276 Views

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය, චැනල් 4 වීඩියෝව හරහා එල්ල කරන ලද අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහනක් හරහා මෙම චෝදනා එල්ල කර තිබිණි.

මේ අතර සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත අවධාරණය කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය මගින් සදහන් කර ඇත.

එසේම, ආරක්ෂක අමාත්‍යාංශය, ඕනෑම පුද්ගලයකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බව ද නිවේදනයේ සඳහන්ය.

කෙසේ නමුත් චැනල් 4 නාලිකාව මඟින් ඉදිරිපත් කරන ලද පදනම් විරහිත, ද්වේශ සහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා චැනල් 4 නිසැකවම වගකිව යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය තරයේ කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *