ආර්ථික අර්බුදයට ගෝඨා – බැසිල් – මහින්ද බෙල්ල මුලටම මාට්ටු – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීන්දුව මෙන්න

  • By editor
  • November 14, 2023
  • 0
  • 45 Views

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණ කළේය.

ඒ අනුව, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේය.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල මේ බව දැනුම් දුන්නේය

-ceylonwire-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *