ගලගෙදර අධිකරණයේ විභාග වන ගංජා ලග තබා ගැනීමේ නඩුවකට අදාළව සැකකරු අධිකරණයට රැගෙනවිත් තිබූ අතර එම නඩුවට අදාළව ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දී තිබේ.
පසුව වෙනත් නඩු කටයුත්තක් සදහා ඔහුව ඉදිරිපත් කිරීමට රැදවුම් කුටියෙන් පිටතට ගැනීමේදී පැන ඇවිත් විවෘත අධිකරණයේ දී රූමත් නීතිඥවරියක බිම පෙරළගෙන සිප ගෙන, බෙල්ල සපා කා ඇති බව වාර්තා වේ.
අනතුරුව විනිසුරුවරයා ඉදිරියේ අධිකරණයට අපහාස කරමින් කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව යටතේ ඔහු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම විය.
කෙසෙවෙතත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ අදාළ නීතිඥවරිය ඉතා රූමත් බැවින් ඇය කෙරෙහි ආසාවක් ඇති වූ බවය.