ආහාර ගන්න ගිය යේමන වැසියන් තෙරපී මරුට

  • By editor
  • April 20, 2023
  • 0
  • 79 Views

යේමනයේ ආධාර බෙදා දීමේ වැඩසටහනක් අතරතුර ඇති වූ තෙරපීමකින් 85 දෙනකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින අතර 322 කු තුවාල ලබා ඇත.

යේමන ජනතාව දුගීභාවයෙන් පීඩා විඳීම හේතුවෙන් ආධාර ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ ඇති අතර එහිදී මිනිසුන් කලබල වී කටයුතු කිරීම හේතුවෙන් තෙරපීම සිදු වී තිබේ.

ආධාර බෙදා දීම සංවිධානය කළ පුද්ගලයන් නිසි කළමණාකරනයකින් එය සිදු නොකල බව පවසමින් පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *