දැනට පවතින නියගය හේතුවෙන් ඉදිරි කාලයේ දී ආහාර හිගයකට මුහුණ දිමට සිදුවා බවත් ඒ හේතුවෙන් වගා කළ හැකි සෑම ඉඩමක කෙටි කාලීන ආහාර භෝග වගා කරන ලෙස ගොවීන් උනන්දු කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එමෙන්ම අතරමැද කන්නය සදහා මුං ඇට හා කව්පි වගාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් රනිල බෝග වගාව කෙරෙහි ද ගොවීන් උනන්දු කරවන ලෙස ද ඔහු දැනුම් දී ඇත.
පවතින නියං තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවල අතරමැදි කන්නයේ වගාව සඳහා හැකියාවක් නැතත් ප්‍රදේශ රැසක අතරමැද කන්නයක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති බවද හඳුනාගෙන තිබේ.