ඇබ්බැහිවූවන් මුදවා ගන්න මර්ක්ගෙන් අලුත් වැඩක්

  • By editor
  • June 27, 2023
  • 0
  • 104 Views

සමාජ මාධ්‍යයේ සැරිසැරීමට ඇබ්බැහිවූවන් වෙනුවෙන් ස්මාර්ට් ජංගම දුරකථනය හරහා මෙන්ම පරිගණක උපාංග හරහා නවතම යෙදවුමක් ඉදිරිපත් කිරීමට මෙටා සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව පරිශීලකයින්ට ඒ මොහොත වනවිට ඔවුන් කොපමණ කාලයක් තිස්සේ සමාජ මාධ්‍ය තුළ රැඳී සිටියාද යන්න දැනුම්දීම මෙමගින් සිදු වේ.

සමාජ මාධ්‍ය පරිශීලනය කරන යෞවන යෞවනියන්ගේ කාලය කළමනාකරණය කිරීම සඳහා පූර්වාදර්ශයක් සැපයීම මෙම නව යෙදවුමේ මූලික අරමුණ වී ඇති බව එම සමාගම දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *