සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අවශ්‍ය කරන ඖෂධ නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය වලට මිලදී නොගැනීම නිසා වරකට රජයට රුපියල් බිලියන ගණන් අහිමි වන බව සඳහන් කරමින් අල්ලසට එරෙහි පුරවැසි බලය සංවිධානය හා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මගින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යාංශ ලේකම්වරුන් ජනක චන්ද්‍රගුප්ත, සමන් රත්නායක ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ට එරෙහිව අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය මගින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පැමිණිල්ල විමර්ශනයට අදාළ මූලික කටයුතු ආරම්භ කිරීමට අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව තීරණය කොට ඒ බව පැමිණිලිකාර පාර්ශවය වෙත දැනුම් දී ඇත
cefuroxime කාණ්ඩයේ ප්‍රතිජීවක ඖෂධක් ඩොලර් ශත විසි පහ බැගින් වැඩි මුදලකට එන්නත් කුප්පි ලක්ෂ හතරහමාරක් මිලදී ගැනීම සම්බන්ධ සිටියද මෙම පැමිණිල්ලේ ප්‍රධාන කරුණක් ලෙස ඉදිරිපත් කොට ඇත.
දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය වර්තමාන පරිපාලනය යටතේ දූෂණ අක්‍රමිකතා සිදු වෙද්දී ඒ සම්බන්ධව අදාළ නීති අංශ දක්වන දැඩි සලසා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පසුගියදා මෙම සිවිල් සංවිධාන ජනාධිපති ලේකම්වරයා වෙත ද පෙන්නුම් කළේය.
මේ අතර cefuroxime කාණ්ඩයේ ප්‍රතිජීවක ඖෂධ කුප්පි යළි මීට පෙර සදහන් කළ මිල ගණන් වලටත් වඩා වැඩි ඉහළ මිළ ගණන් වලට මිලදී ගැනීම හරහා රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු කිරීම සඳහා මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යංශය යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
රටේ දූෂණ හා නාස්තිය නැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වැඩි උනන්දුවක් දක්වන බව පැවසුවද දේශපාලක නිසා නිලධාරීන් නිර්මාණය දුෂ්ට ජාලය ක්‍රියාත්මක කිරීම රටේ මහජනතාවගේ අවාසනාවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.