මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම හිතවතකු වන ලක්ෂ්මන් ෆොන්සේකා ඉතා රහසිගත ලෙස කටුනායක ගුවන්තොටුපොලට රැගෙනය යාම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුව ඇත.
අමාත්‍යවරයා සිය පුද්ගලික ආරක්ෂකයා සමග එකම වාහනයේ ලක්ෂ්මන් ෆොන්සේකා කටුනායක ගුවන්තොටුපොලට රැගෙන ගොස් නැවත පැමිණ ඇත.
ලක්ෂ්මන් ෆොන්සේකා විදේශගතවීම සදහා පැමිණි අතර අමාත්‍යවරයා සමග වෙනදා ගමන් කරන පොලිස් විශේෂ කාර්ය බලකා ජීප් රථය සහ ඇමැති ආරක්ෂක කොට්ඨාශ ජිප් රථය දක්නට නොලැබුණ බව ගුවන් තොටුපොල ආරංචිමාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් ටිරාන් අලස් අමාත්‍යවරයාද දින දහයක සංචාරයක් සදහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතර ඔහු දිවයිනට පැමිණි පසුව මේ පිළිබද විමසීමටද ආණ්ඩුවේ ඉහළ බලධාරීන් සූදානමින් සිටින බව වාර්තා වෙයි.