ඇමති ප්‍රසන්න රණතුංග ගාවලා ඉඩම් ගොඩකිරීමක් මාට්ටු

  • By editor
  • November 8, 2023
  • 0
  • 127 Views

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නම භාවිතා කරමින් කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ගොඩකිරීමක් කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා වෙත ඊයේ (06) ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබිණ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වු මෙම ඒකකයේ වැටලීම් අංශය අදාල ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කෙරිණ.

එහිදි අනවසර ගොඩකිරීමක් සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග ටිපර් යන්ත්‍රයක් සහ බැකෝ යන්ත්‍රයක්ද නිළධාරීන් භාරයට ගැනිණ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් සහ මාතර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *