ඇමති රොෂාන් ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ට යන්න කියයි – ක්‍රිකට් වැටුණේ අමාත්‍යාංශය බාධා කරපු නිසා ශම්මි කියයි

  • By editor
  • November 4, 2023
  • 0
  • 55 Views

ක්‍රිඩා අමාත්‍යංශයේ චේතනාන්විත බාධා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සහ වෘත්තීය භාවය දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් මේ බව සදහන් කර ඇති අතර මෙතෙක් විසදුම් නොලැබුණු ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ කඩිනම් මැදිහත් වීමක් අපේක්ෂා කරන බව ශම්මි සිල්වා සිය ලිපියෙන් ඉල්ලා සිටී.

ඒ අනුව 2024 ජනවාරි මසදි ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් රජයේ සහයෝගය ලබාගැනීමේදි ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම.

ලංකා T10 සුපර් ලීග් තරගාවලයි සඳහා අවසර ලබාගැනීමේදි ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොදැක්වීම මෙවර ලෝක කුසලාන තරගාවලිය, නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරය සහ පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියටත් ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ සහභාගීත්වය ක්‍රීඩා අමාත්‍යංශය විසින් සීමා කිරීම යන ගැටලු ඒ අතරට අයත් බව සදහන් කර තිබේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බවය.

එම හේතුවෙන් සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයේ ඉවත් නොවී බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතු බව ද ක්‍රීඩා අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *