ඇමති රොෂාන් නිසා ක්‍රිකට් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

  • By editor
  • November 14, 2023
  • 0
  • 28 Views

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිදුවීමට අදාළ නඩු විභාගයෙන් සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා ඉවත් වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අදාළ නඩුවට එරෙහිව ගොනු කරන ලද අභියාචනය හමුවේ කැඳවන ලද අවස්ථාවේදී එහි විනිසුරු මෙසේ නඩු විභාගයෙන් ඉවත් වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා, ඇතැම් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් පිළිබඳව අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම පියවර ගත් බව සභාපති විනිසුරුවරයා පැවසීය.

ක‍්‍රීඩා අැමති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ අදාළ නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි.

එමෙන්ම විනිසුරු ධම්මික ගනේපොල මහතාද පුද්ගලික හේතුවක් මත යයි පවසමින් මෙම නඩුවට සහභාගි වීමට අකමැත්ත පළ කර ඇත.

ඒ අනුව නඩු විභාගය වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට ද තීන්දු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *