ශ්‍රී ලංකා රජය බැඳුම්කර ගනුදෙනු පැහැර හරින්නේනම් ඩොලර් මිලියන 280ක් ගෙවන ලෙසට ඇමරිකානු අධිකරණයක් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
අමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් සිය බැඳුම්කර ගෙවීම පැහැර හැරීමට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
2022 වසරේ ජූලි 25 වන දින ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා 5.875%ක පොලියක් ගෙවීමට එකඟතාව පළකර තිබූ නමුත් රටේ පැවති මූල්‍ය අර්බුදය හේතුවෙන් එම පොලි ගෙවීම් පැහැර හැර ඇති බව එහි දක්වා තිබේ.