ලබන ඔක්තෝබර් මස 21 වනදා සිට දින 10ක් පාර්ලිමේන්තුවේ සියලුම ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරු ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යයන චාරිකාවක නිරත වීමට නියමිතය.
ඒ සදහා රියර් අද්මිරාල් සරත් වීරසේකර ද යාමට නියමිතව තිබූ නමුත් ඒ වෙනුවට වෙනත් නමක් නම් කරන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී ඇති බව වාර්තා වේ.
සරත් වීරසේකර මේ පිළිබඳ අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ තමන්ට මෙම චාරිකාවට සහභාගි වීමට විශේෂ කැමැත්තක් හෝ හේතුවක් නොමැති වුවද මේ අයුරින් වෙනස් ලෙස සැලකීමට අනුග්‍රාහකයාට අයිතියක් නොමැති බවය.
ඒ පිළිබඳ සඳහන් කර කථානායකවරයාට ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලීමක් කර ඇත්තේ මේ පිළිබඳ තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් විමසීමක් කරන ලෙසය.