වසර ගණනාවකට පසු අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අද චීනයේ බෙයිජිං නුවරට පැමිණ තිබේ.
එම සංචාරය පසුගිය පෙබරවාරි මාසයේ සැලසුම් කර තිබු නමුත් චීනය විසින් ගුවන්ගත කර තිබූ “ඔත්තු සේවා” බැලුන හේතුවෙන් ඔහු එම සංචාරය කල් දැමූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.
පසුගිය වසර ගණනාව තුළ ලොව බලවත් රටවල් දෙකක් වන චීනය සහ අමෙරිකාව අතර විවිධ හේතු මත මතබේද ඇතිව තිබුණි.
2021 ජනවාරි මාසයේදී ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති වීමෙන් අනතුරුව චීනයේ සංචාරයේ යෙදෙන පළමු අමෙරිකානු ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයා ඇන්තනි බ්ලින්කන් වන අතර ඔහු දින දෙකක් චීනයේ රැඳී සිටීමට නියමිත ය.
එමෙන්ම ජනාධිපති ෂී ජින්පින් හමුවීමට ද ඔහු බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.