ඇහැලේපොල වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පැවරේ

  • By editor
  • June 6, 2023
  • 0
  • 88 Views

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ඓතිහාසික ඇහැලේපොල වලව්ව පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවස මෙම වලව්වයි.

එය ඇහැලේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ අභීත සිංහලයන් රැසකට සෙවණ දුන් මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *