ඈවරයි, දෑවරයි රජය ජනක පන්නයි

  • By editor
  • May 24, 2023
  • 0
  • 67 Views

අද පාර්ලිමේන්තුවේ පැවති මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 46 කින් සම්මත විය.

අද දිනය පුරා පාර්ලිමේන්තුවේ දී මෙම යෝජනාව විවාදයට ගැනීමෙන් අනතුරුව ඡන්ද විමසීමකට ලක් කරන ලදී.

එහිදී ඡන්ද යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හා විපක්ෂව ඡන්ද 77ක් ලැබිණි.

කෙසේවෙතත් ජනක රත්නායක ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ ඔහුට එරෙහිව ඇති චෝදනා 05ක් මත යැයි විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

  1. නඩුවක් තිබියදී එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම.

02   ස්වාධීන කොමිෂන් සභාවක කටයුතු ඒකපාර්ශිකව සිදුකිරීම.

03   විදුලි බල මණ්ඩලය සමග එක්ව විදුලිය මිලදීගැනීමේ සමාගමක් පවත්වාගෙනයාම.

04   විදුලිය සඳහා ගැලපුම් ගාස්තු පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකර දේශපාලන අවශ්‍යතා අනුව  ගැලරිය පිනවීමට ප්‍රකාශ නිකුත් කිරීම.

05   සාමූහික තීන්දු නොගෙන ස්වාධීන තීරණ ප්‍රකාශ කිරීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *