IMF සමග වන එකගතාවයට අදාල ගිවිසුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 95කින් සම්මත විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලැබුනු අතර විරුද්ධව ඡන්ද 25ක් ලැබිනි.
යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දුන් අතර පක්‍ෂව ඡන්දය දුන් ඒ.එච්.එම්. ෆවුසි හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරුන්, දෙමළ ජාතික සන්ධානය සභා ගැබේ නොසිටියහ. විපක්‍ෂයේ සිටින ජෝන් සෙනෙවිරත්න, අනුර ප‍්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක මන්ත්‍රීවරුන්ද ඊට පක්‍ෂ විය.
ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය මන්ත‍්‍රීවරුන් හා අතුරලියේ රතන හිමි, ජී.ජී. පොන්නම්බලම් යෝජනාවට විරුද්ධ වූහ.