ඉන්දියාවෙන් ගෙන්වන ලද විස බෙහෙතක් රෝගීන් 10 දෙනෙකුගේ පෙනීම නැති කරයි

  • By editor
  • May 8, 2023
  • 0
  • 51 Views

ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධයක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ දී අක්ෂි සැත්කම් කල දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක සදහන් කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්ෂක වැඩිදුරත් කියා සිටියේ පසුගිය අප්‍රේල් මස පස් වැනි වෙනිදායින් පසු සිදුකරනු ලැබූ අක්ෂි ශල්‍යකර්මයන්ගෙන් පසු රෝගීන්ට ඇස් වලට දැමීම සඳහා ලබා දුන් බෙහෙතක් විස වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බවයි.

එලෙස සිදුව ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විසබීජ අඩංගුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

සායන සිදුකර නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකදී ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල් ගත කෙරුණු අතර ඉන්පසුව සිදුකල ප්‍රතිකාරයන්ගෙන් පසු ක්‍රමක්‍රමයෙන් රෝගීන් සුව අතට හැරෙමින් පවතින බවද හෙතෙම පැවසීය.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ පුබුදු ජයගොඩ ද මේ සම්බන්ධයෙන් හෙලිදරව්වක් ද සිදු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *