ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන තානාපති කාර්යාලය වසා දමයි

  • By editor
  • October 1, 2023
  • 0
  • 75 Views

රාජ්‍ය තාන්ත්‍රික සහාය නොලැබීම හා පිරිස් හා සම්පත් හිඟය හේතුවෙන් ඉන්දියාවේ ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව තානාපති කාර්යාලයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමේදී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් මෙම පියවර ගන්නා බව ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන තානාපති කාර්යාලය සදහන් කර තිබේ.

කෙසේවෙතත් ඇෆ්ගනිස්තාන ජාතිකයින් වෙනුවෙන් කොන්සියුලර් සේවා කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට පියවර ගන්නා බව එම නිවේදනයෙන් සඳහන් කර තිබේ.

වත්මන් තලෙයිබාන් රජය ඉන්දියාව විසින් පිළිගෙන නොමැති අතර කාබුල් නුවර පිහිටි ඉන්දීය තානාපති කාර්ය මණ්ඩලය ද මීට වසර දෙකකට පෙර ඉවත් කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *